වැලිබල් ෆිනෑන්ස් සිය සේවාවන් තව දුරටත් පුළුල් කරමින් වෙස්ට(ර්)න් යූනියන් මුදල් හුවමාරු සේවාවද දැන් ලබා දේ.
වෙස්ට(ර්)න් යූනියන් ලෝකයේ රටවල් හා දේශසීමාවන් අතර මුදල් හුවමාරු සේවා සපයන්නන් අතර ප්‍රමුඛ ස්ථානයක පසු වේ. ලෝකයේ දැවැන්ත ව්‍යාපාරික ආයතන මෙන්ම කුටුම්භයන් අතරේද මුදල් හුවමාරු කටයුතු සඳහා මෙම සේවාව යොදාගන්නා අතර ලෝකයේ දුරස්ථ ප්‍රදේශවල ජන සමාජයන් අතරේද මෙය ව්‍යාප්තව පවතී.
වැලිබල් ෆිනෑන්ස්, වෙස්ට(ර්)න් යූනියන් හා එක්ව ජන ජීවිතයේ හා ව්‍යාපාරයන්හී පැවැත්මට අත්වැලක් වෙමින් සහ ලොවපුරා ජනතාව සම්බන්ධ කරමින් ආර්ථික වර්ධනයට දායකත්වය ලබා දේ.ඩිජිටල්, ජංගම හෝ පාරිභෝගික මධ්‍යස්ථාන හරහා පුද්ගලයන්ට තම මුදල් යැවීම් සිදුකල හැකි අතර සෘජු මුදල් ගෙවීමේ හැකියාව නිසාව්‍යාපාරික හා පරිභෝජන අවශ්‍යතා සපුරාගැනීමේදී මෙමගින් විශාල පහසුවක් සැලසේ. දිවයින පුරා පිහිටි සියලුම වැලිබල් ෆිනෑන්ස් ශාඛාවලින් මෙම පහසුකම ලබාගත හැක.
සංස්ථාපිත දිනය : 1974 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වන දින ලියාපදිංචි අංක 526PQ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි. Credit Rating : BBB+ (Stable Outlook) by Lanka Rating Agency
© for Vallibel Finance by: 230 interactive