X

Vallibel Finance

Sitemap

අධ්‍යක්ෂ මණ්ඩලය

X

අනුරුද්ධ පෙරේරා මහතා වැලිබල් ලෙෂර් (පුද්) සමාගමේ අධ්‍යක්ෂවයයෙකු වන අතර වැලිබල් සමුහ ව්‍යාපාරය යටතේ ඇති අනෙකුත් පුද්ගලික සමාගම්වලද අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරයි.

X

එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙකු සහ වරලත් අලෙවිකරුවෙකි. එසේම රන්ගමුව මහතා ඕස්ට්‍රේලියාවේ කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ ද සාමාජිකයෙකි.

එමෙන්ම ඒ මහතා ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ සාමාජිකත්වයද දරන අතර යුනිටෙක් (නවසීලන්ත) ආයතනයේ මූලික අධ්‍යයන (ක්‍රීඩා) සහතිකපත් ලාභියෙකි. ඔහු දකුණු ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ (ආචාර්යවෙදී ) උපාධිධාරියෙකුද, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ මුල්‍ය පරිපාලනය පිලිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකුද වේ.

මොහු සිය වෘතතිය ජීවිතය අර්නස්ට් සහ යන්ග් හි සුළු කාලයකින් අනතුරුව සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී තුලින් ආරම්භ කළේය. ඉන් පසුව ඒ මහතා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී හා එක්වූ අතර එහි ගත කල දිගු කාල වකවානුවෙදී එහි අධ්‍යක්ෂ ධුරය දක්වා වූ විවිධ වැදගත් තනතුරු දැරීය. 2007 වසරේදී රන්ගමුව මහතා වැලිබල් ෆිනෑන්ස් හා එක්විය. ශ්‍රී ලංකා කල්බදු සංගමයේ උප සභාපති තනතුරද ඔහු විසින් දරා ඇත.

ඔහු පෑන් ඒෂියා බැංකුවේ සභාපතිවරයා වශයෙන් මෙන්ම හුන්නස් ෆෝල්ස් පීඑල්සී සහ ෆිනෑන්ස් හවුස් කොන්සොර්ටියම් (පුද්) සමාගම යන අයතනවල අධ්‍යක්ෂකවරයෙකු වශයෙන්ද කටයුතු කරයි.

X

සිසිර සිරිමෙවන් වීරබාහු මහතා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ට විධායක තනතුරුවල වසර 35ක අත්දැකීම් ඇත්තෙකි. කොළඹ රාජකීය විදුහලේ අධ්‍යාපන හදාරා මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුල් වූ ඔහු සිවිල් ඉන්ජිනේරු අංශයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගත්තේය. වීරබාහු මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයෙකු වන අතර එක්සත් රාජධානියේ කළමණාකරන ගණකාධිකාරිවරුන්ගේ වරලත් ආයතනයේ ද සාමාජිකත්වය උසුලයි. එසේම ශ්‍රී ජයවර්ධනපුර විශව විධ්‍යාලයේ කළමණාකරන පශ්චාත් උපාධි ආයතනයේ ව්‍යාපාර කළමණාකරනය පිළිබඳ ශාස්ත්‍රවේදි උපාධි පාඨමාලාව ද හදාරා ඇති ඒ මහතා මූල්‍ය කළමණාකරනය පිළිබඳ අන්තර්ජාතික පුහුණුව ලැබුවෙකි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහ ලංකා සෙලියුලර් සර්විසස් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස වසර 14 ක් කටයුතු කර ඇති ඒ මහතා ලෝක බැංකු නේවාසික මෙහෙයුම් වැඩසටහනේ දේශිය යටතල පහසුකම් අංශයේ උපදේශකවරයෙකු ලෙස වසර 02ක කාලයක් කටයුතු කළේය. අනතුරුව මිලේනියම් සමාගම් සමුහය හා එක්වු ඔහු එහි මිලේනියම් හවුසිං ඩිවලපර්ස් PLC, සී/ස එම් සී අර්බන් ඩිවලපර්ස්, සී/ස මිලේනියම් හවුසිං, සී/ස එම්.සී.යුනිවර්සල් හා සී/ස මිලේනියම් විලා හවුසිං යන ආයතනවල අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි ලෙස වසර 19 ක් පුරා විශ්‍රාම ‍ගන්නා තුරු කටයුතු කළේය.

ඔහු ව්‍යාපෘති සංවර්ධන, ව්‍යාපෘති මූල්‍යයනය, පොදු කළමණාකරන, මූල්‍ය හා ඉංජිනේරු යන අංශ පිළිබඳ පුලුල් අත්දැකීම් ඇත්තෙකි.

X

ජනකකුමාරසිංහ මහතා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ජ්‍යේෂ්ඪ වෘත්තීයවේදියෙකු වන අතර රෙග්නිස් ලංකා, සිංගර් ශ්‍රි ලංකා, සන්ටෙල් සහ IUCN පාකිස්තානය හා නේපාලය යන ආයතනවල ජ්‍යේෂ්ඪ මානව සම්පත් කළමනාකරණ නිලයන්හී සේවය කර‍ ඇත.ශ්‍රි ලංකා පිරිස් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනයේ (CIPM) යාවජීව සාමාජිකයෙකු වන ජනක මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් සිය වාණිජවෙදී උපාධ්ය ලබාගත් අතර ශාස්ත්‍රපති උපාධ්ය (ආසියා-පැසිෆික් මානව සම්පත් කළමනාකරණ) සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඇත.කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා CMA (ඕස්ට්‍රේලියා) හීද සාමාජිකයෙකි.

CIPM ශ්‍රි ලංකා සහ මානව සම්පත් කළමනාකරණ අසියා-පැසිෆික් සම්මේලනයේ හිටපු සභාපතිවරයා වශයෙන් ශ්‍රි ලංකාවට PQHRM (මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වෘත්තීය මට්ටමේ සුදුසුකම) හඳුන්වා දීමට ඒ මහතා මූලිකත්වය ගෙන කටයුතු කල අතර මැලේසියාව සිංගප්පූරුව සහ එක්සත් ජනපදයේ පුහුණුව ලැබීමෙන් අනතුරුව ශ්‍රි ලංකාවට එලිමහන් ක්‍රියාකාරී පුහුණු සංකල්පය (Outward Bound Training Concept)යලි හඳුන්වාදීමට ක්‍රියාකල පුහුණු කිරීමේ කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු ලෙසද කටයුතු කලේය.

මොරටුව සහ කොළඹ විශ්ව විද්‍යායලයන්හී ශාස්ත්‍රපති උපාධි වැඩසටහන්හී මානව සම්පත් කළමණාකරනය පිලිබඳ බාහිර කතිකාචාර්යවරයෙකු වන ජනක මහතා මානව සම්පත් කළමණාකරන ක්ෂේත්‍රයට කල උදාර මෙහෙවර වෙනුවෙන් 2009 වසරේදීශ්‍රි ලංකා පිරිස් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනයේ (CIPM) රන් පදක්කමෙන් පිදුම් ලැබීය.

කුමාරසිංහ මහතා වර්තමානයේ මානව සම්පත් කළමණාකරනය පිලිබඳ දකුණු ආසියානු සඟරාවේ අන්තර්ජාතික උපදේශක කතෘ මණ්ඩලයේ සමාජිකයෙකු ලෙසද, ප්‍රමුඛ පෙලේ ඇඟලුම් නිෂ්පාදනායතනයක අධ්‍යක්ෂ - සම්පත් දායකත්ව (ව්‍යාපෘතී) ලෙසද, ඔහුගේම සමාගමක් වන කෙන්ට් රිජ් (පුද්) සමාගමේ විධායක අධ්‍යක්ෂ වශයෙන්ද කටයුතු කරයි.

X
චම්පිකා ප‍්‍රියදර්ශනී මලල්ගොඩ මහත්මිය 1984 වසරේදී ශ‍්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබාගෙන ඇත.

ඇය එක්සත් රාජධානියේ රොබර් ට්  ගෝර්ඩන් (Robert Gordon) සරසවියේ මානව හිමිකම් කළමනාකරණය පිළිබඳ MSc. උපාධිධාරිණියකි.

1991 වසරේදී ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට (BOI) සම්බන්ධ වූ මලල්ගොඩ මහත්මිය, එහි ප‍්‍රමුඛතම ආයෝජන ආයතනයක ප‍්‍රධාන උපදේශිකාව සහ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස සේවය කර ඇත.

අලෙවිය සහ ආයෝජනයට අදාල වන්නා වූ කලාපීය සහ ද්විපාර්ශ්වික ගිවිසුම් කළමනාකරණය පිළිබඳව හසල දැනුමකින් යුත් මලල්ගොඩ මහත්මිය, ජාත්‍යන්තර ආයෝජන ගිවිසුම් සාකච්ඡා කිරීම හා කෙටුම්පත් සකස් කිරීම සම්බන්ධ ශ‍්‍රී ලංකා නියෝජිත මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසද කටයුතු කර ඇත.

එමෙන්ම ඇය එක්සත් රාජධානියේ වෘත්තීය සංවර්ධන වරලත් අයතනයේ (Chartered Institute of Professional Development වෘත්තීය වරලත් සාමාජිකාවකි.
X

කපිල දොඩම්ගොඩ මහතා ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ සහතික කළ ශ්‍රී ලංකාවේ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (ICMA-ANZ) කලාපීය අධ්‍යක්ෂවරයා වන අතර  Academy of Finance (පුද්) සමාගමේ නිර්මාතෘ/ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි. ඔහුගේ නායකත්වය හා මඟ පෙන්වීම යටතේ ICMA-ANZ, වරලත් සුරැකුම්පත් හා ආයෝජන ආයතනය (CISI-UK), අභ්‍යන්තර විගණකවරුන්ගේ ආයතනය (IIA-USA) සහ Asia eUniversity හි අධ්‍යාපන වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ දියත් කිරීමට Academy of Finance පෙරමුණ ගෙන ඇත. කපිල දොඩම්ගොඩ මහතා 2020 සිට 2022 වසර දක්වා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (NERD) අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියකට මෙන්ම මොරටුව විශ්විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියකටද හිමිකම් කියන දොඩම්ගොඩ මහතා ICMA-ANZ සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CIMA-UK) සාමාජිකයෙකුද වේ. එසේම ඒ මහතා CISI-UK, අලෙවිකරණ වරලත් ආයතනය (CIM-UK) සහ ඉංජිනේරු ආයතනය (ශ්‍රී ලංකා) යන ආයතනයන්හිද සාමාජිකයෙකි. වෘත්තීය ගිණුම්කරණ හා මූල්‍ය ආයතන, විශ්වවිද්‍යාල සහ සංස්ථා රැසක් විසින් සංවිධානය කරනු ලබන අධ්‍යාපනික වැඩසටහන්හි මූල්‍ය කටයුතු වෙනුවෙන් ප්‍රධාන සම්පත් දායකයෙක් ලෙසද ඒ දොඩම්ගොඩ මහතා කටයුතු කොට ඇත.

X

Mr. Prabath Perera is the Founder and Chief Executive Officer of Databox Technologies (Pvt) Ltd, a Sri Lanka-based technology solutions company. With over a decade of experience in software architecfure and business strategy, he has been actively involved in driving digital innovation, particularly in the areas of education technology and customer experience.

Mr. Perera has led the development of Edumix, a flagship learning management and video streaming platform and was also instrumental in shaping the DP Education platform. His leadership extends to the design and delivery of scalable SaaS platforms, Al-powered analytics tools, and natiorunzide digital systems supporting welfare and social protection initiatives.

He holds a degree in Computational Physics from the University of Colombo and continues to deepen his expertise in cloud infrastructure, blockchain integration, ancl AI application development. His vision remains focused on making digital tools accessible, secure, and empowering for both institutions and individuals in emerging markets.



සංස්ථාපිත දිනය : 1974 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වන දින ලියාපදිංචි අංක 526PQ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි. Credit Rating : A- (Stable) by Lanka Rating Agency

© for Vallibel Finance by: 230 interactive