Vallibel Finance PLC

රහස්‍යතා
ප්‍රතිපත්තිය

පටුන
රහස්‍යතා ප්‍රතිපත්තිය
වැලිබල් ෆිනෑන්ස් වෙත සාදරයෙන් පිළිගනිමු!

අපි ඔබගේ රහස්‍යතාවයට ඉහළ අගයක් ලබාදෙන අතර ඔබගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට කැපවී සිටිමු. ඔබ අපගේ මූල්‍ය සේවා සමඟ සම්බන්ධ වන විට හෝ අපගේ වෙබ් අඩවියට පිවිසෙන විට, අපි ඔබගේ දත්ත එකතු කරන, භාවිතා කරන සහ ආරක්ෂා කරන ආකාරය මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය මඟින් විස්තර කරයි.

අපි එකතු කරන පුද්ගලික තොරතුරු වර්ග මොනවාද?
ඔබ අපගේ සේවා භාවිතා කරන විට, ඔබගේ නම, විද්‍යුත් තැපැල් ලිපිනය, දුරකථන අංකය, හැඳුනුම්පත් අංකය සහ මූල්‍ය තොරතුරු වැනි පුද්ගලික විස්තර අප විසින් එකතු කළ හැක.
 

එමෙන්ම ඔබගේ IP ලිපිනය, බ්‍රවුසර වර්ගය සහ ඔබ නරඹා ඇති පිටු ඇතුළු, ඔබ අපගේ වෙබ් අඩවිය සමඟ අන්තර්ක්‍රියා කරන ආකාරය පිළිබඳ දත්තද අපි එකතු කරමු.

අපි ඔබගෙන් තොරතුරු එකතු කරන්නේ කෙසේද?

අපි පහත සඳහන් ක්‍රමවලින් ඔබගෙන් තොරතුරු එකතු කරමු:

  • ඔබ සෘජුව අප වෙත ලබාදෙන තොරතුරු (අයදුම්පත්‍ර, ගිවිසුම්, හෝ දුරකථන, විද්‍යුත් තැපෑල හෝ පෞද්ගලිකව අප සමඟ සන්නිවේදනය කරන අවස්ථාවල)
     
  • තෙවන පාර්ශ්ව මූලාශ්‍ර (CRIB, ගෙවීම් සැපයුම්කරුවන්, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන)
ඔබගේ තොරතුරු අපි භාවිතා කරන ආකාරය

අපි ඔබගේ පුද්ගලික තොරතුරු පහත අරමුණු සඳහා භාවිතා කරමු:

  • පාරිභෝගික අවශ්‍යතා අනුව ණය සහ ස්ථාවර තැන්පතු වැනි මූල්‍ය නිෂ්පාදන හා සේවා සැපයීම
  • ගනුදෙනු සැකසීම සහ ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීම
  • නීතිමය සහ නියාමන අවශ්‍යතා සමඟ අනුකූලතාවය සහතික කිරීම
  • ඔබ සමඟ සන්නිවේදනය කිරීම, ගිණුම් යාවත්කාලීන, අලෙවි සන්නිවේදන (ඔබගේ අනුමැතිය ඇතිව) සහ පාරිභෝගික සහාය ලබාදීම
  • අපගේ සේවා වැඩිදියුණු කිරීම, භාවිත ප්‍රවණතා නිරීක්ෂණය සහ ව්‍යාපාර විශ්ලේෂණ සිදුකිරීම
  • වංචා වැළැක්වීම සහ ඔබගේ ගිණුමේ ආරක්ෂාව තහවුරු කිරීම
අපි ඔබගේ පුද්ගලික දත්ත කා සමඟ බෙදාගන්නවාද?

නීතියෙන් අවශ්‍ය හෝ අනුමත කර ඇති අවස්ථා හැර, ඔබ අනුමැතිය ලබාදී ඇති වෙනත් අරමුණු සඳහා අපි ඔබගේ පුද්ගලික තොරතුරු තෙවන පාර්ශ්ව සමඟ බෙදාහදා ගනිමු.

අපි ඔබගේ පුද්ගලික දත්ත ආරක්ෂා කරන්නේ කෙසේද?
ඔබගේ දත්තයේ ආරක්ෂාව අපට ප්‍රමුඛතාවයකි. ඔබගේ දත්ත ආරක්ෂා කිරීමට අපි ශක්තිමත් ආරක්ෂක පියවර යොදා ගනිමු.
අපගේ වෙබ් අඩවිය ඔබගේ බ්‍රවුසින් අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා කුකීස් භාවිතා කරයි. ඔබගේ බ්‍රවුසර සැකසුම් මඟින් කුකී අභිරුචි පාලනය කළ හැක.
 

අපි කාලානුරූපව අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග යාවත්කාලීන කරමු. ඕනෑම වෙනස්කමක් මෙම පිටුවේ පළකරනු ලබන බැවින්, එය නිතිපතා සමාලෝචනය කරන ලෙස අපි ඔබට ආරාධනා කරමු.

අප අමතන්න

මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය පිළිබඳ ඔබට කිසියම් ප්‍රශ්න හෝ ගැටලු ඇත්නම්, හෝ ඔබගේ පුද්ගලික තොරතුරු සම්බන්ධ ඔබගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම්, කරුණාකර පහත ලිපිනයෙන් අප සමඟ සම්බන්ධ වන්න:

දුරකථන: +94 11 7 480 481

ඊමේල් : tellus@vallibelfinance.com

 

වැලිබල් ෆිනැන්ස් පි.එල්.සි

ප්‍රධාන කාර්යාලය

නො.310, ගාලු පාර,

කොළඹ 03.

ශ්‍රී ලංකා