Vallibel Finance PLC

ක්‍ෂුද්‍ර කල්බදු

වර්ධනයට ශක්තියක් වෙමු, සාර්ථකත්වයට මඟ සලසමු

ක්ෂුද්‍ර ව්‍යවසායක මූල්‍ය අවශ්‍යතා සඳහා වන ඉල්ලුම වැඩිවීමත් අඩු ආදායම් ලාභීන්ගේ ත්‍රිරෝද හා යතුරු පැදි සඳහා වන ඉල්ලුම වැඩිවීමත් යන මූලික කරුණු නිසා ක්ෂුද්‍ර කල්බදු ක්ෂේත්‍රයේ වර්ධනයක් පෙන්නුම් කරයි.වෙළඳපලේ ක්ෂුද්‍රමූල්‍ය පහසුකම් සපයන්නන් අතර ප්‍රමුඛයෙකු ලෙස වැලිබල් ෆිනෑන්ස් මේ සඳහා විශේෂඥතාවයකින් සන්නද්ධව සිටී.

පොදුවේ සෑම ව්‍යවසායකයෙකුගේම සෞභාග්‍යය වෙනුවෙන් අතහිත දෙන අතරම ක්ෂුද්‍ර ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ දියුණුව හා වැඩිවර්ධනය වෙනුවෙන් සහය වීමට අප සෘජුවම දායකත්වය සපයන්නෙමු.

ක්ෂුද්‍ර කල්බදු (මයික්‍රො ලීසින්) පහසුකම ත්‍රිරෝද හා යතුරු පැදි සඳහා දිවයින පුරා පිහිටි සියලුම වැලිබල් ෆිනෑන්ස් ශාඛාවලින් ලබාගත හැක. මෙම පහසුකම වැටුප් ලබන සේවකයන් සහ ස්වයං රැකියාවල නිරත වූවන් හට වඩාත්ම සුදුසු වනු ඇත.

අපව තෝරා ගත යුත්තේ ඇයි?

  • කඩිනම් කාර්යක්ෂම සේවය.
  • අවම ලියකියවිලි
  • ක්ෂුද්‍ර මූල්‍ය ගණුදෙනුවරුවන් සඳහාම වූ විශේෂ පැකේජ.
  • දීප ව්‍යාප්ත ශාඛා ජාලය.
Contact Form Leasing

FAQs

වැඩි විස්තර සඳහා අමතන්න

 (+94) 11 4 393 100

(+94) 11 7 480 480