ඔටෝ ඩ්රාෆ්ට්
පැමිණෙන්න, මුදල් ලබාගන්න – සරල, ආරක්ෂිත, වේගවත්
වැලිබල් ඔටෝ ඩ්රාෆ්ට් යනු බැංකු ඔවර්ඩ්රාෆ්ට් සඳහා සරල ආදේශකයකි.
වැලිබල් ඔටෝ ඩ්රාෆ්ට් යනු සරලවම බැංකු අයිරා සඳහා ආදේශකයකි. සාම්ප්රදායිකව බැංකු අයිරාවක් ලබා දෙන්නේ දේපලක්, ස්ථාවර තැන්පතු වැනි සුරැකුමක් මත වේ.
වැලිබල් ඔටෝ ඩ්රාෆ්ට් හි සුවිශේෂී ලක්ෂණය වන්නේ යම් ගණුදෙනුකරුවෙකුට තම මෝටර් වාහනයක් සුරැකුමක් ලෙස ලබා දී පහසුවෙන්ම අයිරා පහසුමක් ලබාගත හැකිවීමයි. මෙහිදී බැංකු අයිරාවක දී මෙන්ම ගණුදෙනුකරු ගෙවිය යුතු වන්නේ මාසික පොලිය පමණකි. අදාල මුදල ආපසු අය කෙරෙන්නේ, පහසුකම ලබා දෙන අවස්ථාවේදී ගණුදෙනුකරු හා එකඟ වූ යම් කාල සීමාවක් අවසානයේදිය
වැලිබල් ෆිනෑන්ස් වෙතින් මෙම පහසුකම යටතේ රුපියල් මිලියන 50ක් දක්වා වූ මුදලක් ලබාගත හැකි අතර ඕනෑම ශාඛාවක් මගින් පැය කිහිපයක් ඇතුලත එය ලබා ගත හැකිය
විශේෂාංග
- ඕනෑම පන්තියක වාහන සඳහා ලබාගත හැකි වීම.
- අයිරාවක් ලෙස නැවත ගෙවීමේ හැකියාව
- මාසිකව පොළිය පමණක් ගෙවිය හැකි වීම.
- උපරිම සීමාව රු.මි. 50ක් වීම.
අපගේ නියෝජිතයා අමතන්න






